| දප/ඇල්ක/ඇලකාක ම.වි. වර්තමාන විදුහල්පතිධුරය හොබවනු ලබන්නේ ජයරත්න ඉදුරුවගේ මහතාය. අධ්‍යාපනික වෘත්තීමය මෙන්ම සමාජික වශයෙන් පිරිපුන් කුසලතාවයන්ගෙන් හෙබි කිර්තිමත් චරිතයකි. ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ දෙවන පංතියේ පලමු ශ්‍රේණියේ විදුහල්පති තනතුරකට පත්ව සිටී.
එමෙන්ම අධ්‍යාපනික වශයෙන් ගත්කල්හි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියද ජාතික වාණිජ සහතිකපත්‍ර (ගිණුම් කරන) විභාගය සමත්වීමද කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවද හදාරා තිබේ.
වෘතීය නිපුණතාව ගත්කල්හි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන පස්චාත් උපාධි ඩිප්ලෝමව හා තුන්අවුරුදු ගුරු පු හුණුවද අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවූ අධ්‍යාපන කළමනාකරනය පිළිබද පුහුණු පාඨමාලා රැසක්ද හදාරා තිබේ
එමෙන්ම දිවයිනේ විශිෂ්ඨ විදුහල්පති ධරයෙකු වශයේන් සම්මානයට පාත්‍රවූවෙකි. එමෙන්ම 2005 වර්ශයේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවු ජාතික ගුරු ප්‍රණාම උළෙලදි විද්‍යා විජය ශ්‍රි සම්මානයෙන් පිදුම් ලැබුවේය. එම වර්ශයේම දකුණුපලාත් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ දක්ෂිණ අභිමානි 2005 සම්මාන උළෙලදී විද්‍යා නිකේතන සම්මානයෙන් පිදුම් ලැබීය.
එසේම 2006 වසරේ ඇල්පිටිය කලාපයේ 1-C පාසල් අතරින් ප්‍රථම ස්තානයට පත්ව සම්මාන ලැබීය.
2009-12-06 දින බෙන්තොට ගාමිණි ජාතික පාසලේදි පැවැත්වු යෞවන අභිමානි විශිෂ්ඨ සේවා උපහාර සම්මාන උළෙලදී බෙන්තොට පුරවරයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිදුකල මෙහෙවර වෙනුවෙන් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. |