ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් 2008 වර්ෂය සදහා 2009 දි පැවැත්වු ජාතික ඵලදායීතා සම්මාන තරගාවලියේදි දකුණු පළාතේ උසස් පෙළ දක්වා පංති පැවැත් වෙන පාසල් අතරින් කුසලතා සම්මානයක් ඇලකාක මහා විද්‍යාලයට හිමිවිය.
ඇලකාක මහා විද්‍යාලයට මෙවනි ජාතික ඵලදායිතා සම්මාන හිමිවු ප්‍රථම වතාවද මෙය වේ. ගුරු තත්ත්ව කව සිසු තත්ත්ව කව දෙමාපිය තත්ත්ව කව හරහා ගුණාත්මක ව්‍යාපෘති රැසක් සහ 5S සංකල්පය පාසල තුල ක්‍රියාත්මක කරමින් මෙවනි ජයග්‍රහණයක් ලබාගත හැකිවිය.
මෙවනි විශිෂ්ඨ ජයග්‍රහනයක් ලැබීම වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා මෙහෙයවු සම්මාන උළෙලදී දකුණු පලාත් විශේෂ කුසලතා සම්මානය කලුතර පුරහලේදිද ජාතික කුසලතා සම්මානය බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි දිසාපති ඵලදායිතා සම්මානය ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේදිද විද්‍යාලයට ප්‍රධානය කෙරිනි. |